සැමියා මරන්න හොර මිනිහාට කොන්ත්‍රාත්තුවක්


දෙමාසයකට පෙර ත්‍රිකුණාමලයේදී ඊශ්වරදාසන් කේතිසවරන් (28) නම් ක්‍රිකට් ක්‍රීඩකයා මරා දමන්නට ඇත්තේ ලන්ඩන් නුවර පදිංචි ඔහුගේ බිරියගේ කොන්ත්‍රාතුවක් මත විය හැකි බව කියන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඇය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහාය පතන බවද පවසයි. ඇය අත්අඩංගුවට ගැනීමේ රතු නිවේදනය ලඟදීම නිකුත් කිරීමටද නියමිතය. එම කාන්තාවගේ අනියම් සැමියා බව කියන ගුවන් නියමුවෙක්ද තවත් අයෙක්ද සැකපිට රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් බවද රෝහණ මහතා කියයි. කොන්ත්‍රාත්තුව වශයෙන් රන් පවුම් 1750ක් (රුපියල් 350000) දී ඇතැයිද ඝාතකයන් දෙදෙනාම කොළඹ පදිංචිකරුවන් බවද කියයි. මේ ඝාතන සම්බන්ධයෙන් එතෙර සිටින දෙමළ ජාතිකයන් පිරිසක් ආරක්ෂක අංශ වෙත ඇඟිලි දිගු කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.