සැමියන් ඉල්ලා බිරියෝ උසාවි යති


අතුරුදන් වූ තිදෙනකු සොයා දෙන්නැයි ඔවුන්ගේ බිරියන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් අනුව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ලබන 17 වැනිදා උසාවි එන්නැයි පොලිස්පතිට හා යුදහමුදාපතිට අභියාචනාධිකරණය අද නියෝග කළේය. මට්ටක්කුලිය පොලිසියට පහරදුන්නැයි සැක පිට තම සැමියන් වන කැලූම් නිශාන්ත පීටර්, කේ. පී. ජී. ගයාන් පි‍්‍රයශාන්ත හා එන්. ඒ. පේ‍්‍රමරත්න පැහැර ගත්තැයි මට්ටක්කුලිය සමිට්පුරයේ දුලාරි මල්ෂා පොන්සේකා, එස්. ඉරේෂා නිල්මිණි හා පී. ජී. අනූෂා ඉන්දිකා හබයාස් කෝපුස් පෙත්සම් ඉදිරිපත් කළහ.