වෙරෝනා නගරයේ ජිවත්වන හලාවත මහවැව ශිරාණි බර්නදෙත් (53) මහත්මියට වසරකට පමණ පෙර ඉතාලියේ වෙරෝනා රෝහලේ කළ වැරදි සැත්කමක් නිවැරදි කිරීමට තව මාස කිහිපයක් ගත වන බව වෛද්‍යවරු කියති.
ඇගේ වම් කකුලේ අමාරුවට සැත්කම කර ඇත්තේ කිසිම ආබාධයක් නොවූ දකුණු කකුලටය. දැන් ඇගේ කකුල් දෙකේම වේදනාවක් පෙළෙන්නීය.
මාර්තු අගදී ඇයට තවත් සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු කියති. වැරදි සැත්කම කළ වෛද්‍යවරුනට එරෙහිව ඇය නඩුවක් ද පවරා ඇත.

