සැටලයිටි ෆොන් තුනක් සමග කුඩ්ඩෙක් අල්ලයි


(ඉන්දිකා රාමනායක)

ගොතටුව බටලන්ද හේන පාර නිවසක දී හෙරොයින් සහ සැටලයිට් දුරකථන තුනක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 76 මිලිග්‍රෑම් 330 ක්, සැටලයිට් දුරකථන 3 ක්, සහ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන සැකකරන රුපියල් 7,82,000 මුදලක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය.

අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම ලක්ෂ දහයකට ආසන්න බව ද පොලිසිය කියයි .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය සම්භවයක් ඇති නන්දකුමාර ශිවානන්දන් හෙවත්  ශිවා නැමැත්තකු බව ද පොලීසිය කියයි.