රාජ්‍ය බැංකුවලින් ණයට මුදල් ලබාගෙන මිලට ගත් වී මෙට්‍රික් ටොන් දෙලක්ෂයක් පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින් සඟවාගෙන සිටින බව වෙළෙද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිකවැරටියේදී පැවසීය.
‘මෙවර ජනපතිවරණයේදී සහල් හිගයක් ඇති කිරීමට පොළොන්නරුවේ ඇතැම් ව්‍යාපාරිකයින් උත්සාහ කරන බව පේනවා .පිටරටින් ගෙන්වන සහල් කිලෝව රුපියල් හැට ගණනේ අලෙවි කිරීමට සතොස පියවර ගන්නේ ඒ නිසා.සඟවාගෙන සිටින සහල් එළියට නොදැම්මොත් දිවයිනේ සියලු ව්‍යාපාරිකයන්ගේ සහල් තොග පරීක්ෂා කරනවා. ‘

