තරිඳු ජයවර්ධන
දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු මිය යෑම සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල පිටිය පොලිසියේ තිදෙනෙක් ද වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කරනු ලැබූහ.
මිය ගිය සැකකරු සොරකමක් සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පසුගිය තුන් වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කර තිබේ.
සැකකරු බන්ධනාගාරයට රැගෙන ගිය පසු ඔහුට අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කර ඇති අතර තත්ත්වය යහපත් නොවන බැවින් ඔහු වහා මීගමුව රෝහලට ඇතුළත් කරන ලෙස බන්ධනාගාර වෛද්‍යවරයා නිර්දේශ කර තිබේ.
ඒ අනුව මීගමුව රෝහලට ඇතුළත් කරද්දී ඔහු මියගොස් සිටි බව මීගමුව රෝහල් ආරංචි මාර්ග කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රාහුල් හක් මහතා නිගමනය කර ඇත්තේ මිය ගිය සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ තුවාල රැසක් ඇති බවයි.
සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ බහුවිද තුවාල ඇතිවීමට හේතුව සොයා මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

