(විනීතා එම් ගමගේ)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාකරුවන්ට පොලිසිය කළ පහර දීම හෙළා දකිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයන් හි වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන 25 ක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත .
සාමකාමීව පැවැත්වු එම උද්ඝෝණයේ දී කල පහර දීමහා විරෝධතාකරුවන් අත් අඩංගුවට ගැනීම පැහැදිලිවම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් විරෝධතා සංවිධානය කරන්නන්ට රජය කළ තර්ජනාත්මක අනතුරු ඇඟවීමක් බවත් තම සංවිධානයන්හි අදහස යැයි එම වෘත්තිය සමිති කියයි.
කොල්ලුපිටිය ලිබර්ටි සිනමාහල ආසන්නයේ දී එදිනම තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එහි දී අත් අඩංගුවට ගෙන ඇති නීතිඥවරියන් දෙදෙනාගෙන් එක් අයෙක් අත් අඩංගුවට ගෙන ඇත්තේ අනෙක් අය අත් අඩංගුවට ගැනීමට හේතු විමසූ අවස්ථාවේ දී බවත් එම වෘත්තිය සමිති ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කර ඇත.
ආණ්ඩුවේ ආධාරකරුව්න පසුගිය වකවානුවේ අවස්ථා ගණනාවක දී නිරෝධායන නීති අමු අමුවේ උල්ලංඝණය කරමින් හැසිරුණත් ඔවුන්ට නීතීය ක්‍රියාත්මක නොකල බවත් නිරෝධායන නීතින් අනුව උද්ඝෝෂණය කළ පිරිසකට පමණක් පහර දීමෙන් පෙන්වන්නේ ව්‍යවස්ථාපිත අයිතිීන් ආණ්ඩුවේ දේශපාලන උවමනාවන්වලට අනුව උල්ලංඝණය කිරීමට පොලිසියේ ඇති සූදානම යැයි ද එහි සඳහන් වේ.
කොරෝනා වසංගතයට මුවාවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිමාසිකම් උල්ලංඝණය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය හෙලා දකින අතර එය පරාජය කිරීමට වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් එම සංවිධාන විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .

