ගිය වසරේ අපොස (සාපෙළ) විභාගයෙන් පාසල් නවයක් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වයි.
ගම්පහ රත්නාවලී බාලිකාවේ කේ ඒ මෙනුෂිකා ජයනි කාරියවසම් හා කොළඹ විශාඛා විදුහලේ තපෝදා හරින්ද්‍රි ගංගොඩවිල මුල් තැන දිනාගෙන සිටිති.
මාතර රාහුල විදුහලේ එම් ඩබ්ලිව් උචිත තේජාන් ගුණසේකර දෙවැනි ස්ථානයද,කොළඹ ආනන්ද විදුහලේ එම් රවීන් ලසිදු තෙන්නකෝන් තෙවැනි ස්ථානයද දිනා ගත්හ.
කොළඹ රාජකීය විදුහලේ කලිදු චේතික වික්‍රමසිංහ හා ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේ ජී එච් රොෂානා තරින්දි හා කොළඹ විශාඛා විදුහලේ එම් එච් දිලිනි ෆොන්සේකා ද සිව් වැනි ස්ථාන හිමි කැර ගත්හ.
මහනුවර මහාමායා බාලිකා විදුහලේ ආර් එම් සෞම්‍යා කුමාරිහාමි අබේරත්න හා කුරුණෑගල මලියදේව බාලිකාවේ කේ දුලංජනා මිණිකිරණි ධර්මසිරි පස් වැනි ස්ථානද දිනා ගත්හ.
මෙම විශිෂ්ටයෝ අද පස්වරුවේ අරලිය ගහ මැදුරේ දී මහින්ද රාජපක්ෂ ජනපති හමුවට කැඳවනු ලැබ සිටිති.
2013 දී සිසුහු 474483 දෙනෙක් විභාගයට පෙනී සිටියහ.
( ඡායාරූප සුදත් සිල්වා )

