සාගම සෑය ළඟ සංඝ සංවේගය පළ කරති


අම්පාර තිරුක්කෝවිල්හි සාගම ඓතිහාසික මොට්ටයාගල පෞරාණික භූමියට නැගෙනහිරින් ඌරක්කායි ප‍්‍රදේශයේ බැකෝ යන්ත‍්‍රයකින් විනාශ කරන ලද චෛත්‍යය බැලීම සඳහා මහා සංඝරත්නය ඊයේ (26) එහි වැඩම කළහ. උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක මහාවාපී මහා විහාරාධිපති අරන්තලාවේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිඳිවැල සෝමරතන හිමියන් ඇතුළු හිමිවරු එහි වැඩම කළහ. මහා සංඝරත්නය කරණීය මෙත්ත සූත‍්‍රය දේශනා කොට විනාඩි පහක කාලයක් නිහඬව සිටීමෙන් සත්‍ය ක‍්‍රියාවක්ද කළහ. ගල්මඩුකන්ද පුරාණ විහාරාධිපති හෑගොඩ විමලඥාන, දීඝවාපී පරිවාර චෛත්‍යාරාම අධිපති පෝද්දිවෙල චන්දානන්ද හිමිවරුද මෙම අවස්ථාවට වැඩම කළහ.