සාගම සෑය ළඟ විරෝධයක් By None // 2012 නොවැ 27 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අම්පාර දිස්ත‍්‍රික්කයේ තිරුක්කෝවිල්හි සාගම මොට්ටයාගල පුද බිමක නැගෙනහිර මායිමේ ඌරක්කායේ නටඹුන් චෛත්‍ය ඩෝසර කිරීමට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද එහි උද්ඝෝෂණයක් කළහ. දිගාමඩුල්ල දිස්ත‍්‍රික් සංඝසභාව සහ බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූහු ඊට එක්වූහ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙසේ කීහ. මේ රටේ පුරාවස්තු විනාශය වැලැක්වීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අසමත් වී තිබෙනවා. උග‍්‍ර නිලධාරී හිඟයක් නිසා අද අපේ රටේ ජාතික උරුම විනාශ වෙනවා. අපි මේ රටේ නිල නොවන දෙවැනි පොලීසිය හැටියට පුරා වස්තු විනාශය වැලැක්වීමට කටයුතු කරනවා. අපේ ජාතික උරුමය රැුකීමට කොන්ද පණ තියෙන ඇමැති කෙනකු පත් කරන්නැයි අප ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේන් ඉල්ලා සිටිනවා. එසේ නොවුවහොත් අපේ උරුමය වැලලීයන බවද ඒ හිමියෝ කීහ. අම්පාර විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂක මහාවාපී මහා විහාරාධිපති කිරිඳිවැල සෝමරතන හිමියෝද අදහස් දැක්වූහ. චෛත්‍යයක් ඩොසර් කළ සැකකරුවන් විසින් එම ස්ථානයේ තිබී රැගෙන ගිය බව කියන කරඩු දෙකක් බෝධි සත්ව රූපයක්, රන් පැහැ බෝල කිහිපයක්, රජවරුන් පළඳින ලාංඡුනයක් නිරුක්කෝවිල් නිවෙසක තිබී සොයාගත් බව තිරුක්කෝවිල් පොලිසිය කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත