සාගම සෑය හෑරූ හතක් රිමාන්ඞ්


අම්පාරේ තිරුක්කෝවිල් හි සාගම පුරාවිද්‍යා ස්ථානයක් අනවසරයෙන් බුල්ඩෝසරයකින් හාරා පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම හා ඊට අනුබල දුන්නැයි සැකපිට පාලිත්පෝඩි ශිවා නන්දන් හෙවත් ශිවා, සින්න තම්බි සදීෂ්වරන්, තංග රාසා අජේන්දන්, තංගදොරේ ප‍්‍රභාෂ්කරන්, තංග වඩිවෙල් බේන්දන්, ඉලේතම්බි ප‍්‍රභාහරන් සහ කන්නමුත්තු රවීන්ද්‍ර කුමාර් යන හත් දෙනා පොතුවිල වැඩබලන මහේස්ත‍්‍රත් යු.එල්.හිල්මි මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.