සාක්කි දීමෙන් වැලකී සිටින්න ඇලොසියස් කළ ඉල්ලීමේ තීරණය හෙට


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලොසියස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි ලබා දීමට අකමැති හෙයින් කොමිසම හමුවේ සාක්කි දීමෙන් වැලකී සිටීමට අවසර දෙන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් වු කොමිසමේ තීරණය හෙට (13) ප‍්‍රකාශයට පත් කිරීමට  නියමිතය.

ඇලෝසියස් මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා සමඟින් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කරුණු ඉදිරිපත් කරමින්  මෙම ඉල්ලීම කර තිබිණි.

ඇලෝසියස් මහතා බැඳුම්කර සාක්කි දීමට අකමැති බව කොමිසමට දැනුම් දුන්නත් හෙට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි  දැනුම් දෙමින්  ඇලෝසියස් මහතාට කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් සිතාසියක් බාරදෙනු ලැබ තිබිණි.

ඒ අනුව ඇලෝසියස් මහතා හෙට (13) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.