සාකච්ඡා කළා: පැහැදිලි එකඟතාවක් නෑ


රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ඵලදායී වූ නමුත්, පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය.

මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ය. ඒ, සාකච්ඡාවලින් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

'සාකච්ඡා කළත් එකඟතාවක් ඇති කර ගැනීම සිදු වුණේ නැහැ. මීළගට මම යුරෝපා රටවල නායකයන් සමගත් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමගත් කතා කරන්න සූදානම්' යැයි ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

(සී.එන්.එන්.)