සාංචියේ බොදු සරසවියක්


බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් සාංචි නුවර විශ්ව විද්‍යාලයක් ඇරඹීමට ඉන්දියාවේ මධ්‍ය ප‍්‍රදේශ රජය සැරැසේ. ක‍්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස දක්වා බෞද්ධ සිද්ධස්ථාන පිහිටි සාංචිය ලෝක උරුම නගරයකි. මධ්‍ය ප‍්‍රදේශ සංස්කෘතික ඇමැති ලක්ෂ්මිකාන්ත ෂර්මා පැවසුවේ බෞද්ධ අධ්‍යාපන හා පර්යේෂණ සඳහා වන මේ සරසවිය පිහිටැවීම සඳහා ලබන 21 වැනිදා මුල්ගල් තබන බවයි. ශ්‍රී ලංකා මහා බෝධි සමාගමත් මධ්‍ය ප‍්‍රදේශ් සංස්කෘතික දෙපාර්තමේන්තුවත් එක්වී බෝපාලයේදී ධර්ම සමුළුවක් ලබන 22-23 දිනයන්හි පැවැත්වීමට යයි.