සා. පෙළ අයැදුම්කරුවන්ගේ හැඳුනුම්පත් පෝරම මාර්තු 31 ට පෙර එවන්න


(ජයන්ත සමරකෝන්)
 
2020  වසර සඳහා අධ්‍යයන පොදු සහතිකපත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් අයැදුම්පත් ලබන මාර්තු 31 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස සියලුම විදුහල්පතිවරුන් හා පරිවේණාධිපතිවරුන් වෙත පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
 
2004.02.01 දින සිට 2205.01.31 දින අතර කාලය තුළ ඉල්ලුම් කර නොමැති සියලුම සිසුන්ගේ අයදුම්පත් මේ අනුව ඉදිරිපත් කර ඇති බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.
 
පසුගිය කාලය තුළ ඉදිරිපත් කළ මෙවැනි අයදුම්පත් විවිධ අඩුපාඩු සහිත ඒවා වීම හේතුවෙන් දැඩි අපහසුතාවට මුහුණපෑමට සිදුවූ බවද ඒ මහතා පෙන්වා දෙයි.