(නිමන්ති රණසිංහ)
පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමකට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කටයුතු යොදා තිබුණි.
ඒ අනුව අද පෙරවරු 10.30ට පමණ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා මගින් අදාළ නිලධාරිනිය මෙම විශේෂ මනෝ වෛද්‍ය කමිටුව වෙත ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

