(නිමන්ති රණසිංහ)
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, රජය අපහසුතාවට පත්කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(16) නියෝග කළාය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



