(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැරගත් බව කියන සිද්ධිය අසත්‍යයක් බවත් එවැන්නක් සිදුනොවූ බව මෙතෙක් සිදුකළ සියලු පරීක්ෂණ වලින් පැහැදිලි වී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) පැවසීය.
තමා මේ පිළිබඳව සියලු තොරතුරු ස්විට්සර්ලන්ත තානාපතිවරයාට පැහැදිලි කළ බවද ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ අද (16) පැවැති පුවත්පත් කතුවරුන්ගේ සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී සඳහන් කළේය.
පැහැරගැනීමට ලක්වූ බව කියන නිලධාරිනියට ලැබුණු දුරකතන ඇමතුම් වල සාක්ෂි , ඇය ගමන් ගත් කූලි රථ රියදුරන්ගේ සාක්ෂි ආදී සියලු තොරතුරු පිළිබඳව පරීක්ෂණ කණ්ඩායම් විසින් සොයාබලනු ලැබූ බව කී ජනාධිපති රාජපක්ෂ මහතා ඒ අනුව මෙම සිද්ධිය අසත්‍යයක් බව පැහැදිලි වී තිබෙන බවද කීවේය.

