ස්වාධීන කණ්ඩායම් 9ක් ඇප මුදල් තැන්පත් කරයි


(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 9ක් ඇපමුදල් තැන්පත් කර ඇත.
 
වන්නි, යාපනය, කළුතර, මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා එම ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇත.
 
වන්නි දිස්ත්‍රික්කය සඳහා ඉරුක නාමල් ලියනපතිරණ, ගොඩෝඋඩ පතිරණගේ නීල් ශාන්ත සහ එම්.පී. නඩරාජා යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
 
යාපනය දිස්ත්‍රික්කයට මයිල්වාහනම් විමල්දාස්, අයිංග රනේෂන් පොන්නුදුරෙයි සහ වික්ටර් ඇන්තනී විලියම්ස් යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර තිබේ.
 
කළුතර දිස්ත්‍රික්කයට උඩවත්තගේ මහින්ද සිල්වා මහතාගේ ස්වාධීන කණ්ඩායම ඇප මුදල් තැන්පත් කර ඇත.
 
මඩකලපුව දිස්ත්‍රික්කය වෙනුවෙන් රම්ලාන් මුහම්මදු ඉම්රාන් සහ අසනාර් මුහම්මදු අස්මි යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කණ්ඩායම් දෙකක්ද ඇප මුදල් තැන්පත් කර ඇත.