ස්වස්තික පොකුණටත් නිදන් හොරු පනිති


පොලොන්නරුව ඓතිහාසික රංකොත් වෙහෙරට දකුණු දෙසින් පිහිටි ඉපැරණි පුරා විද්‍යා ස්මාරකයක් වන ස්වස්තික පොකුණ නිදන් හොරුන් විසින් හාරා විනාශ කොට ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මහා පරාක්‍රමබාහු රජ සමයේ (1153-11863) ඉදි කරන්නට ඇතැයි සැළෙකෙන ඉතාමත් අලංකාර පොකුණක් වන මෙහි මෑත කාලයේ මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණ අරමුදල මගින් සංරක්ෂණය කරන ලද්දකි.

ස්වස්තික පොකුණේ මධ්‍යයෙහි අඩි දෙක හමාරක පමණ දිගින් හා පළලින් යුක්ත වළක් හාරා ඇත.