(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමඟ ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවන් සිව් දෙනෙකු රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොවුන් කොළඹ අවට පිළියන්දල , බත්තරමුල්ල , මුල්ලේරියාව සහ බම්බලපිටිය යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 61 , 67 , 53 සහ 46 යන වයස් වල පසුවන්නියන් වේ.
සිංගප්පූරුවේ සිට ඉන්දියාවට පැමිණ එතැන් සිට ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9 W 255 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම කාන්තාවන් තමන් ඇද සිටි ඇදුම් වලට යටින් , පිටතට කිසිසේත් නොපෙනෙන සේ මෙම ස්වර්ණාභරණ පැළද ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යෑමට සූදානම් වනවිට රේගු නිලධාරීන් විසින් මොවුන් අත් අඩංගුවට ගෙන තිබේ .