ස්වර්ණමය පරම්පරාවේ අවසන් සාමාජිකයෝ ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් ජයක් සොයමින් යති


ටෙස්ට් කරළියේ ප‍්‍රබලතම පිතිකරුවන් සිවු දෙනකු සමගින් හෙට (14 වැනිදා) සිට හොබාර්ට් පිිටියේදී  ඕස්ටේ‍්‍රලියානුවන් හා සටනට පිවිසෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවර  ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී සිය පළමු ටෙස්ට් ජය අපේක්‍ෂා කරයි. වසර 1988 සිටම  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරග වලට සහභාගි වන නමුත් ශී‍්‍ර ලංකා කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගයක් ජයගැනීමට තවමත් අපොහොසත් ව සිටී. ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් වංශකතාවේ ‘ස්වර්ණමය පරම්පරාවේ’ ඉතිරි වී සිටින කිහිප දෙනා වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙවර එක්ව සිටින්නේ වසර 25 ක් පුරා  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති ටෙස්ට් තරග 10 කදී අත්කරගත නොහැකි වූ ජයග‍්‍රහණයක් ලබාගැනීමේ අපේක්‍ෂාවෙනි. මෙය තමන්ගේ අවසන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරය යයි පැවසීමට ඉදිරිපත් නොවන නමුත් පසුගිය වසරේ අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයා වූ කුමාර් සංගක්කාර පවසන්නේ  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් ජයක් අපේක්‍ෂා කිරීම තම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන්ට ලබාගත හැකි හොඳම දිරිමත් කිරීම බවයි. -ඩිල්ෂාන්, මහේල සහ සමරවීර වගේම මටත් එය ඉතාමත් අපූරු දිරිමත් කිරීමක් වේවි. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් වන්නේ අපයි” -අප ටෙස්ට් තරගය ජයගත්තත් නැතත්, කණ්ඩායම වෙනුවෙන් අපේ යුතුකම් කොටස ඉටු කිරීමට අප බැඳී සිටිනවා” යයි කුමාර් සංගක්කාර හොබාර්ට් නුවරදී පැවසීය. 1988 දී පර්ත් නුවරදී පැවැති ටෙස්ට් තරගයේ සිට  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරග 10 කට සහභාගි වී ඇති ශී‍්‍ර ලංකා කණ්ඩායම ඒවායින් 7 ක් පරාජය වී 3 ක් ජය පරාජයෙන් තොරව අවසන් කර තිබේ.  ඕස්ටේ‍්‍රලියාවේදී මෙන්ම ශී‍්‍ර ලංකා පිලට ටෙස්ට් ජයක් හිමි නොවූ අනෙක් රට වන්නේ ඉන්දියාවයි. ශී‍්‍ර ලංකා පිල මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 6 වැනි ස්ථානය ලබා සිටින අතර  ඕස්ටේ‍්‍රලියානු පිල 3 වැනි ස්ථානයේ පසුවෙයි. කෙසේ වෙතත් හිටපු නායක මෙන්ම ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු වන රිකී පොන්ටිං ටෙස්ට් පිටියෙන් සමුගැනීමෙන් පසුව  ඕස්ටේ‍්‍රලියානු පිල සහභාගි වන පළමු වැනි ටෙස්ට් තරගාවලියද මෙයයි. ලසිත් මාලිංග, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන් වැනි කී‍්‍රඩකයන් ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිසා ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීම සෑහෙන දුරට දුර්වල වී තිබේ. ටෙස්ට් තරග 16 කදී කඩුලූ 62 ක් ලබා සිටින නමුත් අජන්ත මෙන්ඩිස්ද මෙම තරගාවලිය සඳහා එක්වී නැත. මේ බව වටහාගත් හෙයින්දෝ තිලකරත්න ඩිල්ෂාන් පවසන්නේ කාලය වේගයෙන් ගලාගෙන යන බවත්  ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් ජයක් ලබාගැනීමට මීට වඩා හොඳ අවස්ථාවක් ලැබේ යයි තමන්ට සිතා ගැනීමට අසීරු බවත්ය. -මගේ පැත්තෙන් බැලූවාම ඒක එහෙමම තමයි. මේක මගේ අවසන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරය වේවි” යයිද ඩිල්ෂාන් පැවසීය. -ඒක පහසු කටයුත්තක් නොවෙයි. කොහොම වුණත්, අපි ඒ දේ ගැන බලාපොරොත්තුවෙන් සිටිනවා” යයිද ඩිල්ෂාන් පැවසීය. ශි‍්‍ර ලංකා පිල වඩාත් බලාපොරොත්තු තබා ඇත්තේ ඩිල්ෂාන්, මහේල, සංගක්කාර සහ සමරවීර යන පිතිකරුවන් සිවුදෙනා කෙරෙහිය. ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම අනුව ලොව දෙවැනි ස්ථානයේ සිටින රංගන හේරත් කෙරෙහිද ශී‍්‍ර ලංකා පිල බලාපොරොත්තු රඳවා ඇතත් සෙසු පන්දු යවන්නන් පිළිබඳව ඇත්තේ විචිකිච්ඡුාවකි. කෙසේ වෙතත් ඉදිරි පෙළ පිතිකරුවන් සිවුදෙනා ප‍්‍රමාණවත් තරම් ලකුණු ලබා නොගතහොත් තරගාවලියේදී දරුණු පරාජයක් උරුම වීම වැළැක්විය නොහැකිය. ශී‍්‍ර ලංකා පිල අවසන් වරට විදේශයකදී ටෙස්ට් තරගාවලියක් ජයගත්තේ 2008 දී බංග්ලාදේශ පිලට එරෙහිවය.   ඕස්ටේ‍්‍රලියානුවන් දකුණු අපි‍්‍රකානු පිල හමුවේ ලද ලකුණු 309 ක පරාජයෙන් අනතුරුව හිස එසවීමට සූදානම් වන්නේ ශී‍්‍ර ලංකා පිල හමුවේදීය. පොන්ටිං සමුගැනිමත් සමගම පිලිප් හියුස් අංක 3 ස්ථානයට කැඳවා තිබෙන අතර පොන්ටිං කී‍්‍රඩා කළ අංක 4 ස්ථානය ෂේන් වොට්සන්ට හිමිවී තිබේ. වෝන් - මුරලිදරන් කුසලාන සඳහා පැවැත්වෙන ශී‍්‍ර ලංකා -  ඕස්ටේ‍්‍රලියා ටෙස්ට් තරගාවලිය තරග 3 කින් සමන්විතය. දෙවැනි තරගය මෙල්බර්න් නුවරදීත් තුන්වැනි තරගය සිඞ්නි නුවරදීත් පැවැත්වේ.තිලකරත්න ඩිල්ෂාන්ගේ අවසන්  ඕස්ටේ‍්‍රලියානු සංචාරය...