ස්වර්ණපාලි පිටියේ හබය දුර යයි


අවමය රුපියල් ලක්ෂ පහකට යටත්ව  ‘අපේ ගම සුරැකීමේ සංවිධානයෙන්‘ සිදුකරන පොසොන් සැණකෙළියට අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයයේ පිට්ටනිය ලබා දුන්නත් දැන් ඔවුන් මුදල් ගෙවීම පැහැර හැර ඇතැයි කියමින් විද්‍යාලයේ පාසල නගා සිටුවීමේ කමිටුවේ ලේකම් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද කොළඹ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ටද මේ ගැන ලිඛිතව දන්වා ඇතැයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.