(සුජිත් හේවාජුලිගේ )
ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්‍රාව සඳහා එම එන්නත නොලැබීම නිසා ඒ අය දැඩි අනතුරකට මුහුණ දී සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
එම පිරිසට මාස තුනක පමණ කාලයක් තිස්සේ දෙවැනි මාත්‍රාව ලැබී නැතැයිද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
අදාල සමාගම විසින් ස්පුට්නික් එන්නත නිපදවනු නොලබන්නේ යැයි දැනගන්නට ඇති බවත් රජය වහා මැදිහත් මේ පිරිසට ස්පුට්නික් දෙවැනි මාත්‍රාව ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

