‘ස්පීඞ් 2012’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ දෙවැනි අදියරේ තරගාවලියේදී සුපිරි මෝටර් රථ ධාවක අශාන් සිල්වා ඉසව් තුනකදීම පළමු ස්ථානය දිනා ගැනීමට සමත්විය.
පන්නල ස්පීඞ් ඩ්‍රෝම් ධාවන පථයේදී පසුගිය සති අන්තයේදී පැවැති මෙම තරගාවලියේදී අශාන් ජයගත් ඉසව් වුයේ එස්. එල්. එච්. මෝටර් රථ 1600 සී.සී., එස්. එල්. ජී. ටී. 3500 සී.සී. සහ ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු) යන ඉසව් තුනයි. අශාන් තරගාවලියේ වේගවත්ම ඉසව්ව වු එස්. එල්. ජී. ටී. 3500 සී.සී. ඉසව්වේදී එහි ප‍්‍රවීණයන් වන දිනේෂ් දෙහෙරගොඩ සහ පසිඳු පීරිස් දෙවැනි තැනට පත්කරමින් තරගය නිම කළේය.
ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. 4 ස්ට්‍රොක් යතුරු පැදි ඉසව්වේ ඉදිරියෙන්ම සිටින ධාවකයන් වන්නේ 9 හැවිරිදි ජේඩන් ගුණවර්ධන සහ 8 හැවිරිදි ඒරන් ගුණවර්ධන සොහොයුරෝ වෙති.
පළමු අදියරේදී මෙන්ම පසුගිය වසරේ පැවැති තරගාවලියේ ඉසව්වේ ශූරයා වු ජේඩන් අබිබවා යාමට ඒරන් මෙවර සමත්වීම කැපී පෙනේ. මෙම සොහොයුරන් දෙදෙනාගේ පියා වන්නේ ප‍්‍රවීණ යතුරු පැදි ධාවක ෂේන් ගුණවර්ධනයි. ඔහුගේ මග පෙන්වීම යටතේ මෙම ලාබාල ධාවකයන් දෙදෙනා මේ වන විට අන්තර්ජාතික තරග අත්දැකීම් පවා ලබා තිබේ.
මෙම වසරේදී තරගමාලාවට ඇතුළත් වු මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10 ඉසව්වේ දෙවැනි අදියරේ ද සිය ස්ථානය රැක ගැනීමට ප‍්‍රවීන් මඩුගල්ල සමත්විය.
ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක‍්‍රීඩා සමාජය ඇතුළු දිවයිනේ ප‍්‍රමුඛතම මෝටර් රථ හා යතුරු පැදි ධාවක ක‍්‍රීඩා සමාජ තුනක් එක්ව දෙවැනි වරටත් සංවිධානය කරන මෙම තරගමාලාව අදියර පහකින් සමන්විතය.
තරග ප‍්‍රතිඵල
ෆෝර්ඞ් ෆෝමියුලා 1300 සී. සී. (, වැනි තරගය)
1.රුමේෂ් රාජකුලේන්ද්‍රන්,
2.මොහොමඞ් රියාෂ්,
3.චන්දිම ගුණරත්න
එස්. එල්. එන්. කාර් 1000 සී.සී.
1.දමිත් වීරසිංහ,
2.ධම්මික පීරිස්,
3.තරිඳු ලොකුගේ
මැක්ලරන්ස් ඇල්ටෝ කේ 10
1.ප‍්‍රවීන් මඩුගල්ල,
2.සුල්ෆි සුලයිමන්,
3.රොහාන් ද සිල්වා
ෆෝර්ඞ් ලේසර් 1300 සී.සී.
1.සුසන්ත ගුණවර්ධන,
2.ප‍්‍රසන්න ද අල්විස්,
3.ජනිත් කුමාරගේ
මිනි 7 / 1000 සී.සී.
1.සෆ්රාස් ජුනයිඞ්,
2.ඩිලාන් පෙරේරා,
3.රවිකුමාර් තනුෂ්
එස්.එල්.එච්. කාර් 1600 සී.සී.
1.අශාන් සිල්වා,
2.ඩිලාන් පෙරේරා,
3.දිනේෂ් ජයවර්ධන
ෆෝර්ඞ් ලේසර් මස්ඩා 1500 සී.සී.
1.ඉර්ෆාන් ෆුවාඞ්,
2.කුෂාන් පීරිස්,
3.චමින්ද වීරසුරිය
එස්.එල්.එච්. කාර් 1500 සී.සී.
1.සජාඞ් සුහයිර්,
2.සුමනපාල මාන්නප්පෙරුම,
3.සංජය රණසිංහ
ෆෝර්ඞ් ෆෝමියුලා 1300 සී.සී. (,, වැනි තරගය)
1.තරිඳු ගමගේ,
2. කිලිමන්ට් සේනාරත්න,
3.රුමේෂ් රාජකුලේන්ද්‍ර
එස්.එල්.ජී.ටී. 3500 සී.සී.
1.අශාන් සිල්වා,
2.දිනේෂ් දෙහෙරගොඩ,
3.පසිඳු පීරිස්
ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පසු)
1.අශාන් සිල්වා,
2.රිකාෂ් කලීඞ්,
3.රොහාන් ද සිල්වා
ෆෝමියුලා ෆෝර්ඞ් 1600 සී.සී. (85 ට පෙර)
1.කෞෂාල් සමරසිංහ,
2.විරාජ් බොතේජු,
3.ඉම්දාද් හුසේන්
යතුරු පැදි තරගාවලිය අවසන් තරග ප‍්‍රතිඵල:
යතුරු පැදි යමහා (153 සී.සී.)
1.සමීර සම්පත්,
2.නිමේෂ බාලසුරිය,
3.ප‍්‍රසාද් රණවීර
යතුරු පැදි ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. (2 ස්ට්‍රොක්)
1.හිෂාන් පසිඳු
2.තුවාන් ප‍්‍රින්ස්
3.චතුර මධුෂංක
යතුරු පැදි ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. (4 ස්ට්‍රොක් තනි සිලින්ඩරය)
1.ඒරන් ගුණවර්ධන,
2.ජේඩන් ගුණවර්ධන,
3.මාලන් මංචනායක
යතුරු පැදි ස්ටෑන්ඩර්ඞ් 125 සී.සී. (හමුදා ඉසව්ව, 4 ස්ට්‍රොක් තනි සිලින්ඩරය)
1.සී.එස්.පෙරේරා,
2.සුනන්ද නිරෝෂාන්,
3.පී.කේ.මද්දුමගේ
යතුරු පැදි සුපර් මෝටාර්ඞ් 250 සී.සී. (4 ස්ට්‍රොක්)
1.උදික ශ්‍රීමාල්,
2.සරත් කුමාරසිංහ,
3.උෂාන් පෙරේරා
නවීකරණය කළ රේසිං 125 සී.සී.
1.ප‍්‍රභාත් පීරිස්,
2.ජේඩන් ගුණවර්ධන,
3.ටිරෝන් ඇඞ්රියන්
යතුරු පැදි සුපර් මෝටාර්ඞ් 450 සී.සී.
1.නෙඞ් ඩැනියල්,
2.සුරාජ් පෙරේරා,
3.උදික ශ්‍රීමාල් මලවිගේ