ස්පාඤ්ඤ සරදියෙල් කෙනෙක්


දුප්පතුන්ගේ කුසගිනි නිවීම සඳහා ධනවතුන්ගේ දේපල බලහත්කාරයෙන් ලබා ගන්නා සරදියෙල් පන්නයේ නගරාධිපතිවරයකු ගැන ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රැකියා විරහිතව දිනෙන් දින දුප්පතුන් වන තම නගර වැසියන්ගේ දුක වේදනාව දරා ගත නොහැකි වූ වරිනාලේඩා නගරාධිපති ජෝවාන් මනුවෙල් ගොරජිල්ලෝ සරදියෙල් බවට පත්වී තම නගර වැසියන් පිරිසක් සමග සිවිල්ලියා නගරයේ සුපිරි වෙළෙඳසලකට කඩාවැදී එහි බඩු භාණ්ඩ බලහත්කාරයෙන් රැගෙන ගොස් දුප්පතුන් සඳහා නොමිලේ ආහාර සපයන ආපනශාලාවකට දුන්නේය. මේ වන විට පෞද්ගලික බැංකු කිහිපයක් ද නගරාධිපතිගේ පාලනයට ගෙන ඇති බවත්, තවත් නගර කිහිපයක නගරාධිපතිවරුන් ඔහුගේ මෙම ක‍්‍රියාව අනුගමනය කිරීමට සූදානමින් සිටිනා බව ස්පාඤ්ඤ මාධ්‍ය කියයි.