ස්කොට්ලන්ත පන්සල දස වසර සපුරයි By None // 2012 ජුලි 05 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්කොට්ලන්තයේ ප‍්‍රථම ථෙරවාද බෞද්ධ විහාරය අරඹා වසර දහයක් පිරීම නිමිත්තෙන් පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් සහ විශේෂ සැමරුම් උත්සවයක් පසුගියදා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නගරයේදී පවත්වන ලදි. ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ නිර්මාතෘ එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව මේ පින්කම සංවිධානය කෙළේය. ස්කොට්ලන්ත ජාතික ථෙරවාද බෞද්ධ භික්ෂුණියක වන චන්ද්‍රසිරි මෙහෙණින් වහන්සේ ආරාධිත දේශනය පැවැත්වූහ. ඇමරිකාවේ හොලිවුඞ් රංගන ශිල්පි බ‍්‍රයන් කොක්ස් මහතාද මෙහිදී විශේෂ ආරාධිත දේශනයක් පැවැත්වීය. හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂිකාවක සහ නිළියක වන නිකොල් කොක්ස් මහත්මියද නිව්යෝර්ක් නගරයේ සිට මෙම උත්සවයට පැමිණියාය. උත්සව සභාව අමතමින් බ‍්‍රයන් කොක්ස් මහතා පැවසුවේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ කාරුණික සිනහ රැල්ලකින් පවා බටහිර වැසියාගේ සිත් පහන් කරවන බවයි. ඔහු බුදු දහමට වඩාත් මුලින්ම නැඹුරු වූයේ රේවත හිමියන්ගේ කාරුණික මිත‍්‍රශීලීභාවය සහ සිනහවේ ආකර්ෂණය නිසා යැයිද පැවසීය. මේ නිසාම තම විවාහ මංගල උත්සවයද බෞද්ධ චාරිත‍්‍ර අනුව ඉටුකළ අතර උන්වහන්සේ සමග ධම්මපදය තුළින් වේදිකා නාට්‍යයක්ද ඇමරිකාවේ නිෂ්පාදනය කළ බව පැවසීය. ස්කොට්ලන්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස් මහතා ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් සිදුකෙරෙන සමාජ සත්කාරය ඇගයූ අතර සතිපට්ඨාන භාවනාව තුළින් ස්කොට්ලන්ත වැසියන්ගේ මානසික සුවය වර්ධනය කිරීම සඳහා සිදුකෙරෙන භාවනා වැඩසටහන් අගය කළේය. ස්කොට්ලන්තයේ පළමු අමාත්‍යවරයාගේ සුභපැතුම් පණිවිඩයක්ද ඔහු ඉදිරිපත් කළේය. එංගලන්තයේ විහාරස්ථාන රැසකින් භික්ෂූන් වහන්සේලා මෙම උත්සවයට වැඩම කළහ. දහවල් පිණ්ඩපාත චාරිකාවක් සහ ආශීර්වාද පිරිත් දේශනාවක්ද පැවැත්විණි. ලන්ඩන් නගරයේ සිට පැමිණි කලා ශිල්පීන් විසින් ඉදිරිපත් කරන ලද උඩරට සහ පහතරට නැටුම් සංදර්ශනය ශ්‍රී ලාංකික සංස්කෘතියේ අනන්‍යතාව ස්කොට්ලන්ත වැසියන්ට ප‍්‍රදර්ශනය කැරිණි. ස්කොට්ලන්තයේ ඇබර්ඩින්, චන්ඩි, එඩින්බරෝ සහ ස්ටර්ලින් නගරවලින් විශාල පිරිසක් මෙම ඓතිහාසික අවස්ථාවට සහභාගි වූහ. විහාරස්ථානය වෙනුවෙන් ඇලිස්ටෙයා කෙලී සහ ධම්මික සිරිපාල යන මහත්වරුද සභාව ඇමතූහ. මෙම උත්සවයේ කැපී පෙනෙනම දර්ශනය වූයේ ස්කොට්ලන්ත බෞද්ධ විහාරයෙන් භාවනා ප‍්‍රගුණ කළ සහ බුදු දහම වැළඳගත් විශාල පිරිසක් සහභාගි වීමයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත