ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී බදාදා ඇරැඹෙන 20 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ගම්මානයේ බෞද්ධ මන්ධිරය අද (22) නිල වශයෙන් ඇරැඹිණි.
ක්‍රීඩා උළෙලේ බෞද්ධ කටයුතු පිළිබඳ උපදේශක ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති කඹුරාවෙල රේවත හිමියෝ බර ඉසිලීමේ ශ්‍රී ලංකා කණ්ඩායමට සෙත් පතමින් අද එහි ආගමික වතාවත් ඇරැඹීය.
රන් පදක්කම් ලාභී චින්තන විදානගේ සුරතෙහි පිරිත් නූලක් බඳිමින් රේවත හිමියෝ ඔහුට සෙත් පැතූහ.
දිනපතා උදෑසන භාවනා වැඩසටහන්, තරඟවලට පෙර ක්‍රීඩකයනට ආශිර්වාද කිරීම, සතිපට්ඨාන භාවනාව ඇසුරෙන් මානසික ආතතිය ඇති කිරීම සිත එකඟ කර ගැනීමේ භාවනා අභ්‍යාස ඕනෑම රටක ඕනෑම ආගමිකයකුට කියා දෙන බව රේවත හිමියෝ එසැණට කීහ.
අද උත්සවයට ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා කණ්ඩායම් ප්‍රධානී නිශාන්ත පියසේන සහ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සහභාගී වූහ.






