(අජිත්ලාල් ශාන්තඋදය)
ගංවතුරින් සහ නායයාම් විපත් හේතුවෙන් අවතැන් වූ ජනතාවට බෙදාදීම පිණිස විහාරස්ථානයක ගබඩා කර තිබු රෙදිපිළි සහ බිස්කට් වර්ග ඇතුළු ක්‍ෂණික ආහාර තොගයක් ත‍්‍රිරෝද රථයකින් පැහැරගත් බව කියන තරුණයින් සිව් දෙනෙකු පොලිස් හදිසි ඇමතුම් අංශය කළ දැනුම් දීමක් මත අත්අඩංගුවට ගත් බව කිරිඇල්ල පොලීසිය පවසයි.
සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන කළ ප‍්‍රශ්න කිරිම්වලින් පසු කිරිගල්පොත්ත කැළෑවේ දමා තිබූ සහනාධාර ද්‍රව්‍ය අඩංගු විශාල ප‍්‍රමාණයේ කවර තුනක් ද පොලීසිය විසින් සොයාගනු ලැබ තිබේ.
මෙම සහනාධාර ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරිනිය බාරයේ තිබූ ඒවා වූ අතර ඒවා තිබූ කාමරයේ දොරගුල කඩා නොතිබු බව පොලීසිය කියයි. සහනාධාර තිබූ කාමරයේ යතුර ග‍්‍රාම නිලධාරිනිය සන්තකයේ තිබී ඇති අතර යතුර කෙසේ හෝ ඇගේ සන්තකයෙන් පැහැර ගෙන සොරකම කර ඇතැයි කියැවේ.
සැකකරුවන් සිව්දෙනාම පසුගිය දිනවල අවතැන්වූ පිරිස් සඳහා එම විහාරයේදී ආහාර පිසීමේ කටයුතු ඇතුළු සහන කටයුතුවලට කැපවීමෙන් කටයුතු කළ තරුණයන් සිව් දෙනෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

