සහන සේවයට ගිය පිරිසට උපහාර


නේපාලයේ පසුගියදා ඇති වූ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවගේ සහන සේවයට නේපාලයට පිටත්ව ගොස් නැවත පැමිණි හමුදා කණ්ඩායම පිළිගැනීම හා ඔවුන්ගේ සේවාව ඇගයීමේ උත්සවයක් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදා මූලස්ථානයේ දී පැවැතිණි.

යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරමින් සහන සේවයට ගිය නිලධාරීන් මෙන්ම සෙබළුන් ද මෙහිදී විශේෂ උපහාරයට ලක්වූ අතර ස්වේච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත්වූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය නිලධාරීන් සිව්දෙනකුට හමුදාපති සම්මාන පිරිනැමීය.

මෙම සහන කණ්ඩායමේ ප්‍රධානියා වූයේ යුද හමුදා මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්ය.

RDS_7406 RDS_7429 RDS_7458 RDS_7464

RDS_7452 RDS_7471