(ඉන්දිකා රාමනායක)
ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතු වල නිරත වෙමින් සිටියදී නෙළුව දුවිලිඇල්ල ප‍්‍රදේශයේ දී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියගිය ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ බලපන්ති සැරයන් වයි. එම්. එස්. යාපාරත්න මහතා බලලත් නිලධාරි වශයෙන් උසස් කළ බව ගුවන් හමුදාව කියයි.
ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (28) එම ගුවන් හමුදා රණවිරුවාගේ දේහයට අවසන් ගෞරවය දක්වා මෙම උසස්වීම පිරිනමා ඇත.

