විසි එක් හැවිරිදි තරුණියක කෙළෙසී යැයි කියන සිදුධියක් සම්බන්ධයෙන් නිතීඥවරයකු මාර්ගයෙන් ඉදිරිපත් වී ඇප ප්‍රතික්ෂේප වීමෙන් පසුව උසාවියෙන් පැන වාහනයකින් පළා ගිය බව කියන නාවලපිටිය නාගස්තැන්න සහකාර වතු අධිකාරි සංජීව අබේසේකර සොයා නාවලපිටිය පොලීසිය පරීක්ෂණ අරඹයි.
ඔහු පැන ගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගත් පොලීසිය ඔහු මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ මහතා ඇප නියම කළේය.
අහසට වෙඩි තබා 21 හැවිරිදි තරුණියක බිය කැර වතු බංගලාවේදී ඇය කෙළෙසා ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඔහු උසාවියෙන් පනිද්දී පොලීසිය ප්‍රධාන ගේට්ටුව වසන්නට ගත් උත්සාහයද අසාර්ථක විය.කාරයෙන් පැන ගිය ඔහු අතරමගදී බැස ගොස් ඇතැයිද පොලීසිය අධිකරණයට වාර්තා කළේය.