සල්ලි මල්ල හොරාගත් නාවික සෙබළා අල්ලයි


එච්. චන්දන  
 
පුත්තලම  රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ මුදල් පාර්සලයක්    සොරකම්  කළැයි කියන නාවික හමුදා  සෙබළකු  අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
 
පුත්තලම නගරයේ ව්‍යාපාරිකයකු  රුපියල් 175000ක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන විත් එය එක් පසෙක තබා රිසිට් පත්  රැගෙන  ඒමට ගිය  මොහොතේ  මේ මුදල් පසුම්බිය   අස්තාන  ගතවී ඇති බව පොලිසිය කියයි.
 
පසුව මේ පිළිබදව පුත්තලම පොලීසියට කරන ලද  පැමිණිල්ලකට අනුව බැංකුවේ සි.සි.ටි දර්ශන ඇසුරෙන්  ලබා විමර්ශන ආරම්භ කර තිබේ.  ඒ අනුව සැකකාර නාවික සෙබළා අත්අඩංගුවට ගෙන ඇත.