කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ බව කියන කැමරන් ජාතිකයන් දෙදෙනකු සතුව තිබී රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවේ ප‍්‍රමාණයට සැකසූ කළු සහ සුදු පාට කොළ මිටි තොගයක් රසායන දියරයක් සහ සුදු පැහැති කුඩු වර්ගයක් සොයාගත් බව මහරගම පොලිසිය කියයි.
සැකකරුවන් ප‍්‍රංශ සහ ලිබියන් රජයේ නියෝජිතයන් ලෙස මෙරටට පැමිණ ව්‍යාපාරිකයන් සමග හිතවත්වී මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි.
කොල්ලූපිටියේදී ඉකුත් 2දා අත්අඩංගුවට ගත් මොවුන් හෙට ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

