16 හැවිරිදි සිසුවියක මාතර දී කාරයක නංවාගෙන තංගල්ලට රැගෙන ගොස් කෙළෙසූ බව කියන ව්‍යාපාරිකයෙක් (39) මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැරිය මිතුරකු සමග සිටිය දී දෙදෙනාම තම රියට නංවාගත් ව්‍යාපාරිකයා තමා පොලිස් නිලධාරියකු බව ඔවුනට කියා ඇතැයි ද, පිරිමි ළමයා මාතර දුම්රියපොළ අසල දී බස්සවා ඇතැයි ද කියති.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර මුහුදු වෙරළ අසල දී ය.

