සර්පයා එළියට


එක්සත් ජාතික පක්ෂයේම සමාජිකයකු වන කුරුවිට ප්‍රාදේශීය සභා විපක්ෂ නායක අයි කේ කුලරත්නට ගිනිඅවියකින් පහරදුන්නැයි රිමාන්ඩ් කැර සිටි සරබගමු පළාත් සභාවට එජාපයෙන් මෙවර වැඩිම මනාප ගත් ටී එම් හසිත සමන්ත මුහන්දිරම් (සර්පයා) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස රත්නපුර මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. කුලරත්න මහතාගේ නීතීඥ නිශ්සංක නානායක්කාර මහතා අධිකරණයට පැවසුවේ සර්පයා ගිනි අවියකින් පහර නොදුන් බවයි. දෙපාර්ශ්වයම මෙය බේරුම් කර ගැනීමට කැමති බව ද ඔහු කීවේය. සර්පයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කරුණාරත්න මහතා පැවසුවේ පොලීසිය සැලසුම් සහගතව නඩුව ගොතා ඇති බවයි. කුරුවිට පොලිස් ස්ථානාධිපති ආර් පී සිරිවර්ධන මහතා කියා සිටියේ සර්පයා ගිනි අවියකින් පහරදුන් බව කුලරත්න සිය කට උත්තරයේ සටහන් කර ඊට අත්සන් කර ඇති බවයි. එය වැරදි බව ඔහු දැන් කියන්නේ නම් පොලීසියට අසත්‍ය තොරතුරු සැපීම සම්බන්ධයෙන් කුලරත්නට එරෙහිව නීතිපති උපදෙස් ලබා ගන්නා බවයි.