සර්පයන් 18 දෙනයි


ශ්‍රී ලංකාවට ආවේණික මල්සරා හෙවත් පොල්මල් කරවලා, පිඹුරා, නයා, කට කළුවා, දෙපත් නයා ඇතුළු සර්ප විශේෂ හතකට අයත් සර්පයන් 18 දෙනකු ලඟ තබාගත් දේශීය වෛද්‍යවරයකුට සහ ඔහුගේ සහාහයකයාට අද ගාල්ල උසාවියේදී අතිරේක මහේස්ත්‍රාත් ගුණේනද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රුපියල් 140,000 බැගින් රුපියල් 280,000 ක දඩ නියම කැරුණි.