සරසවියටත් සිංහල වෙදකමටත් අත හිත


විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ව සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගන්නා බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් කීවේය. තොරතුරු තාක්ෂණ සේවා වැඩිදියුණු කිරීමට ද පියවර ගන්නා බව ජනපති කීවේය. පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර ඔවුන්ගෙන් ද, ප්‍රසිද්ධ ආයුර්වේද වෛද්‍යවරන්ගේ ද දස්කම්වලින් පියවර ගන්නා බව ජනපති කියයි. බාල ඖෂධ රටට ඇතුළුවීම වැලැක්වීමට භාෂා තුනෙන්ම එම බෙහෙත්වල ගුණාත්මක තත්ත්වය ඇතුළු විස්තර මුද්‍රණය කිරීමට ද පියවර ගැනීමට යයි. මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහණ නය පහසුකම් හා ලැප්ටොප් පරිගණක බෙදාදීමට පියවර ගත් බවද ජනපති කීවේය.