සරසවියට හමුදා පුහුණුව එපා


ගිය වසරේ උසස් පෙළ සමත් සිසුන් විශ්ව විද්‍යාලයට ඇතුළත් නොකළත් දෙසැම්බර් 27 වැනිදා සිට ඔවුනට බලෙන් හමුදා කඳවුරුවල නායකත්ව පුහුණුව දීමට යතියි ලංකා ගුරු සංගමය චෝදනා කරයි. මෙය සිසුන්ගේ නිදහස් චින්තනය මොට කරන, හීලා කර ගත හැකි පිරිසක් බිහි කර ගැනීමේ වෑයමක් බවත්, විශ්ව විද්‍යාල හමුදා කරණයට ලක් කිරීමේ වැඩ පිළිවෙල තව දුරටත් ක්‍රියාත්මක කිරීමක් බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි. පාසල් හා විශ්ව විද්‍යාලවලින් මේ වැඩ පිළිවෙල වහා හකුලා ගන්නැයි ද ඔහු ප්‍රකාශ කරයි.