සරසවියට සිසුන් ගැනීම පමා කරයි
2011 වසරේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගේ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ගැටළුවට විසඳුමක් හා අවසන් තීරණයක් ලැබෙන තුරු විශ්වවිද්‍යාලවලට ළමයින් ඇතුළත් කිරීම ආරම්භ නොකෙරෙන බව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අද (6* ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නව ඉසෙඞ් අගයන් නිකුත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් 2011 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිටි ළමයින් 33ක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, කේ ශ්‍රී පවන් හා සලීම් මර්සුෆ් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා මේ බව දැනුම් දුන්නේය.

