සරසවියට 4900ක් වැඩිපුර


2011 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට සකස් කළ යෝජනා හතරකින් යුත් වාර්තාවක්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද අධිකරණයට ඉදිරිපත් කළේය. එම වාර්තාවේ ඇතුළත් තුන්වන ක්‍රමවේදයට අනුව වැඩිපුර සිසුන් 4928 දෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගැනීමට අධිකරණය අවසර දුන්නේය. මේ අනුව 27000කට ආසන්න සිසුන් ප්‍රමාණයකට සරසවි වරම් හිමිවනු ඇත. ඒ අනුව ලබන දහවෙනිදාට පෙර දිස්ත්‍රික් හා ජාතික මට්ටම ද නැවත සකසා ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කළේය. ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරයගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිශ්ච මණ්ඩලයක් මේ නියෝගය කළේය.