සරසවි හිමිවරුත් විරෝධයේ


උසස් පෙළ ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමයෙන් අසාධාරණයට ලක්වූ සියලූ සිසුනට වහා සාධාරණ විසඳුමක් දෙන ලෙසත්, සරසවි ආචාර්ය ගැටලූ විසඳා හැකි විගස විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කරන ලෙසත් රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය කොළඹ කොටුවට අද පා ගමනක් සංවිධානය කළේය. ලේක්හවුස් වටරවුම අසල සිට භික්ෂූහු දහසක් පමන පිටකොටුව බෝධිය දක්වා විරෝධතා පුවරු රැගෙන වැඩම කළහ. කොටුව දුම්රියපළ ඉදිරිපිට රැස් වී උද්ඝෝෂණයක් ද කළහ. මේ හේතුවෙන් කොටුව, පිටකොටුව ප‍්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් ද ඇතිවිය.