සරසවි සේවක දරුවන්ට ශිරන්තිගෙන් පෙර පාසල්


විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයේ දූදරුවන් වෙනුවෙන් පෙර පාසල් දිවා සුරැකුම් මධ්‍යස්ථාන හඳුන්වා දීමේ වැඩ සටහනක් ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දී අද (22) පැවැත්විණි.

උසස් අධ්‍යාපන අමාත්‍යංශ  ලේකම් සුනිල් ජයන්ත නවරත්න, ප්‍රතිපාදන කොමිසමේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

02(40)