සරසවි සිසුන්ට පහර දුන්නැයි පේරාදෙණි සිසූහු මහ පාරට


(සෙනරත් බණ්ඩාර)

සයිටම් විරෝධී සිසුන්ගේ උද්ඝෝෂණයට පොලිසිය පහරදීමට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමය අද (22) ගලහා මංසන්දියේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
 
ගලහා මංසන්දියේ  එක් මංතීරුවක පැයක පමණ වාහන ගමනා ගමනට බාධා වූ අතර මාර්ගය මැද විරෝධතාකරුවෝ ටයර් පිළිස්සූහ.

මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මංගල මද්දුමගේ පැවසුවේ කොළඹ සෞඛ්‍ය අමාතංශය දක්වා විරෝධතා පාගමනක් ගියේ ජනතාවගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය මුදලට විකිණීමටත් සහ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට  විරෝධය පළකරමින් සහ එම කරුණු පිළිබද රජයට දැනුවත් කිරීම සදහා බවයි.