පේරාදෙණි අවට ගෙවල් ,වෙළෙද සැල් හා බැංකු බිදුම් සිදු කැර මුදල් ,රන් ආභරණ හා වෙනත් වටිනා උපකරණ සොරකම් කරමින් සුඛෝපභෝගී ජීවීතයක් ගත කළ බව කියන සරසවි සිසුවෙක් මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් සේසිරි හේරත් මහතා විසින් ජූලි 18 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සැකකරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුවෙකි.
සැකකරු ලඟ මුදලින් රුපියල් ලක්ෂ හයක්ද ,රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් ආභරණ ද,ලක්ෂ හතරක් පමණ වටිනා වෙනත් භාණ්ඩ රැසක්ද තිබී පොලීසියට හමු වී ඇත.ඊට අමතරව රන් ආභරණ උකස් කරන ලද කුවිතාන්සි 15 ක්ද සැකකරු සන්තකයේ තිබී ඇත.
මොහු කීප වතාවක්ම විභාගයට පෙනී සිට එයින් අසමත් වී නැවත නැවත විභාගයට පෙනී සිටීමින් ගෙලිඔය ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පළක නැවතී සිටි අයකු බවද පොලීසිය කියයි.
25 හැවිරිදි සැකකරු වලපනේ නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.