සරසවි සිසු නායකත්ව පුහුණුව ඇරැඹේ


විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ නායකත්ව හැකියාව සහ ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකබාද්ධව පවත්වන නායකත්ව පුහුණු වැඩසටහන අදියර තුනක් යටතේ මධ්‍යස්ථාන 22 කදී සිදු කැරේ.

එහි පළමු අදියර සිසුන් දස දහසකගෙන් ඇරැඹිණි. ජනවාරි 12 දක්වා දෙසතියක  පුහුණු වැඩසටහන පැවැත්වේ.

දෙවැනි අදියර ජනවාරි 16 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා ද, තුන්වැනි අදියර පෙබරවාරි 12 වැනිදා සිට පෙබරවාරි 28 දක්වා ද පැවැත්වීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

 මෙවර වැඩසටහන පැවැත්වෙන්නේ 2011 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහාය. 2012 ඔක්තෝබරයේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගත යුතුව තිබුණත් ඉසෙට් ස්කෝර් අර්බුදය හා වෙනත් හේතූන් නිසා එය ලබන මාර්තු මාසයට කල් ගියේය.

ලංකා ගුරු සංගමය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ වැඩපිළිවෙළට අකමැත්ත පළ කරනුයේ හමුදා කඳවුරු තුළ පුහුණුව දෙන බව පසමිනි.