සරසවි සියල්ල වැසේ
විශ්ව විද්‍යාලය ආචාර්ය වර්ජනය දෙමසක් තිස්සේ දික් ගැසෙමින් තිබියදී විශ්ව විද්‍යාල අර්බුදය නිමකැර විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත්කැර ගැනීමේ උත්සාහයක් වශයෙන් අද සිට විශ්ව විදයාල හා ආයතන වසා දමන බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා කියයි.
මේ අනුව පහත සඳහන් සරසවි දින නියමයක් නැතිව වැසේ.
වෛද්‍ය පීඨය හැර කොළඹ වි.වි, වෛද්‍ය පීඨය හැර පේරාදෙණිය වි.වි, වෛද්‍ය පීඨය හැර ශ්‍රී ජයවර්ධනපුර වි.වී, වෛද්‍ය පීඨය හැර කැලණිය වි.වි. මොරටුව වි.වි, වෛද්‍ය පීඨය හැර යාපනය වි.වි, වෛද්‍ය පීඨය හැර රුහුනු වි.වි, සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා නැගෙනහිර වි.වි, වෛද්‍ය සහ සමාන්තර විද්‍යා පීඨය හැර ශ්‍රී ලංකා රජරට වි.වි, ශ්‍රී ලංකා සබරගමුව වි.වි, ශ්‍රී ලංකා වයඹ වි.වි, සෞන්දර්ය කලා වි.වි, ශ්‍රී ලංකා විවෘත වි.වි, දේශීය වෛද්‍ය විද්‍යායතනය, කොළඹ විශ්ව විද්‍යාල පරිගණක විද්‍යායතනය, ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් අභිවර්ධන ආයතනය. කොළඹ වි.වි, තාක්ෂණ විද්‍යායතනය, මොරටුව වි.වි, ශ්‍රීපාලි මණ්ඩපය, ත්‍රීකුණාමලය මණ්ඩපය, වව්නියා මණ්ඩපය.

