ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර සිටීමේ උද්ඝෝෂණයක් එක්සත් ජාතික පකෂය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි. පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට එකවිය. විරොධතාවරුවන් ඕල්කොට් මාවතේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම වසාගෙන සිටීම නිසා කොළඹ කොටුව, පිටකොටුව, මරදාන ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම දැඩි රථ වාහන තද බදයක් ඇති විය.