සරසවි වරම් ඉල්ලා අලූත් කඩේ යති


2011 වසරේ අගෝස්තු මසදී පැවැත්වූ උසස් පෙළ විභාගයේ නව ඉසෙඩ් කඩඉම් ලකුණු නිසා තමන්ට අසාධාරණයක් සිදුවී ඇති හෙයින් එම ලකූණු අවලංගු කර සාධාරණ ක‍්‍රමවේදයක් අනුගමනය කරමින් තමන්ට විශ්වවිද්‍යාල පිවිසුමට ඉඩ දෙන ලෙස විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කරන්නැයි ඉල්ලා උසස් පෙළ සිසුහු 382 දෙනෙක් එක්ව ගොනු කළ පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණය අද සලකා බැලීය. අති විශාල සිසු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණ භූමියම ඔවුන්ගෙන් පිරී තිබිණි. අග විනිසුරුවරිය ඇතුළු ති‍්‍ර පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් සලකා බැලීම සඳහා අද අවසර දුන්නේය.