සරසවි බිම් සංජීව බණ්ඩාරට තහනම්


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව මණ්ඩාර මහතාට කිසිදු විශ්ව විද්‍යාල පරිශ්‍රයකට ඇතුළු වීම වලක්වමින් දී ඇති නියෝගය ඉවත් කරන ලෙස   නීතීඥ නාමල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද ප්‍රතික්ෂේප කළේය.

මහජනයාට පීඩා වන අයුරින් කොළඹ කොටුවේ උද්ඝෝෂණයක් පැවැත්වීයැයි කොළඹ අපරාධ කොට්ඨාසය   සංජීව බණ්ඩාරට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඔහු අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමජිකයකු නිසා විශ්ව විද්‍යාල තුළට යෑමට අවශ්‍ය නිසා ඒ සදහා අවසර දෙන්නැයි නීතීඥ රාජපක්ෂ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විශ්ව විද්‍යාල පාලනාධිකාරියේ ආරාධනයක් ඇතොත් පමණක් ඔහුට විශ්ව විද්‍යාලවලට යා හැකි බවයි.

ඔහු කිසිම විශ්ව විද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයකු නොවන බවට තහවුරු කරමින් අධිකරණයට කාරුණු වාර්තා වී ඇති නිසා විශ්ව විද්‍යාලවලට යෑමට අවසර දෙන ලෙස නියෝග කළ නොහැකි යැයි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

චෝදනා පත්‍රය කියැවීම සඳහා ජනවාරි 21 නැවත නඩුව කැඳවීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණිල්ල මෙහෙවීය.